![]() | |
![]() | ![]() |
| අප ගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරෙන ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනයට යෙදී තිබේ. පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ පින්බර අදහසකට අනුව මේ උතුම් මොහොත සුවිශේෂී ආකාරයෙන් සැමරීමට මහමෙව්නාව භාවනා අසපු සංචිතය කටයුතු යෙදා තිබේ. එනම් මෙම ඉදිරි වසරක කාලය තුළ ගව්තම බුදු රජාණන් වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සඳහන් ත්‍රිපිටක පොත් වහන්සේලා සැදැහැවතුන් අතර ප්‍රචලිත කිරීමේ උතුම් කර්තව්‍යයක නිරත වීම යි. | |
| ඒ තුළින් අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ උතුම් පණිවිඩය රැගත් ඒ මහෝත්තම වූ ත්‍රිපිටක පොත් වහන්සේලා පරිහරණය කිරීමට අවස්ථාවක් නො ලද සැදැහැවත් බවුද්ධ ජනතාවට එම පොත් වහන්සේලා ලබාදීමට කටයුතු සළසා තිබේ. ඒ සඳහා දායකත්වය ලබා දීමට කැමති පින්වතුන් හට පින් රැස් කර ගැනීමේ උතුම් අවස්ථාවක් ද ඒ හරහා උදා කර දීමට අපි අපේක්ෂා කරමු. මේ උතුම් ධර්මදානමය පින්කම සිදුකර නීමට කැමති පින්වතුන් හට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මූලස්ථානය හා සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගත හැකි ය. | |
![]() | |
![]() | |
Mar 13, 2010
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය
Mar 7, 2010
බුදුරැස් විහිදෙන සෝමාවතිය

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක් විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක් ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.
සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක් සහිත විහාරයක් කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක් වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක් සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි
එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක් ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක් ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක් කලක් භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.
තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ "මණිඅගිය" නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි.
ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස් වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය.
කලක් තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස් විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක් කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක් විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක් මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස් මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.
සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස් විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක් පමණ තිබුණි.
1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක් තොටක් නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක් වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක් සපයයි.
වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක් මහාසෑය සාරා තිබුණි. තව වතාවක් කොත ගලවා තිබිණි. සිංහල බෞදAධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක් බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස් විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය.
2008 වසරේ මම සෝමවතී මහා සෑය වන්දනා කරන්නට ගියෙමි. 2008 පෙබරවාරි මස ස්‌වර්ණමාලි මහාසෑය වන්දනාව බඳු වන්දනාවක් කිරීමට සෝමාවතියේද හැකියාවක් ඇත්නම් කෙතරම් අගේදැයි අපට සිතුණි. මහා සෑය වන්දනා කොට මල් පුදා, දම්සක් පැවතුම් සූත්‍රය සඡ්Cධායනා කොට දෙවියන්ට පින් දී අප විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ සිරිලක වනසන බියකරු ත්‍රස්‌තවාදය ඉක්‌මනින් නිමාවක් දකින්නට අවස්‌ථාවක් අපට සලස්‌වාදෙන ලෙසයි. ත්‍රස්‌තවාදී භීෂණය දුරු වූ විට සෝමාවතී මහාසෑ වන්දනාවක් කරන බවට චෛත්‍ය රාජයාණන් වහන්සේට වන්දනා කොට ප්‍රාර්ථනා කළෙමි. තිස්‌වසරක් පුරාවට පැවති බිහිසුණු ජාතිවාදි ත්‍රස්‌තවාදය අවසන් වූයේ ලක්‌වාසීන්ගේ වාසනාවටය.
මහාසෑ වන්දනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අප ගොස් දවල් දෙකට පමණ පහමුණේ ශ්‍රී සුමංගල ස්‌වාමීන් වහන්සේත් සමග මහා සෑ වන්දනා කොට පිරිත් කියා මෙම වෙසක් මාසයේ 8 වැනි සෙනසුරාදා සෝමාවතී මහා සෑ වන්දනාවක් සංවිධානය කිරීමට ආශිර්වාද ලබාගන්නා වේලෙහි අප සියලු දෙනා මවිතයට පත් කරමින් මහා සෑයෙන් රැස් විහිදෙන්නට විය.
අතීතයේ ශ්‍රී විභූතිය සිහිකරමින් ශෛලමය ආසනයක් මත තැන්පත් කෙරුණු අඩි නවයක් උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එදිනට පූජා කෙරෙනු ඇත. මහාසෑයට නිරතුරුව සුවඳ දීම පිණිස පිච්චමල් පඳුරු පනහකින් සමන්විත සුවිශාල මල් පෝච්චි පනහක් මහා සෑය වටා පිදෙනු ඇත.
දැනට සෝමාවතිය වනාහි අති දුෂ්කර වූ ප්‍රදේශයකි. එහි පානීය ජලය මෙන්ම සනීපාරක්‍ෂක සේවාවන්ද, නවාතැන් පහසුකම්ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද නොහැකිය. ඒනිසා සෝමාවතී වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සල් පවත්වා පින් කිරීමට කැමැති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වාෘ පින්වත් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන මෙම උතුම් වන්දනාව ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේලාගේ අනුහස් පැතිරූ සිරිලක පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිරීමට හේතුවේවාෘ
මුනිඳු ගෞතම අප තිලෝගුරු - බුදුරැසින් ලොව දසත විහිදූ
සුමුදු බුදුවදනින් සදා සෙත - ලොවට සිරි සැප සතුට සෑදූ
පුබුදුවන මුනි ගුණය කැටිකොට - උතුම් සෝමාවතිය සෑදූ
දකුණු දළදා සමිඳු වඳිනෙමු - දෑත නළලේ තබා සාදූ
(සෝමාවතී මහ සෑ වන්දනාව පිළිබඳ තොරතුරු සඳහා - 0112 413025)
කිරිබත්ගොඩ
ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Mar 2, 2010
වන්දේ වන්දේ භගවන්තං..

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
01. වන්දේ අරහං භගවන්තං
02. වන්දේ සම්බුද්ධමුත්තමං
03. වන්දේ විජ්ජාචරණවීරං
04. වන්දේ සුගතනායකං
05. වන්දේ ලෝකවිදුං නාථං
06. වන්දේ අනුත්තරං මුනිං
07. වන්දේ මග්ගදස්සාවිං
08. වන්දේ සාරථිනායකං
09. වන්දේ දේවමනුස්සානං
10. වන්දේ බුද්ධමහාමුනිං
11. වන්දේ විජිතසංගාමං
12. වන්දේ සුගතසාරථිං
13. වන්දේ පාරගතං බුද්ධං
14. වන්දේ තථාගතං වරං
15. වන්දේ ලෝකන්තදස්සාවිං
16. වන්දේ සරණමුත්තමං
17. වන්දේ ඉන්ද්‍රියසම්පන්නං
18. වන්දේ නිබ්බුතං සිවං
19. වන්දේ නරාසභං බුද්ධං
20. වන්දේ සම්බුද්ධනායකං
21. වන්දේ පුරින්දදං සෙට්ඨං
22. වන්දේ සක්‍යමුනිං වරං
23. වන්දේ ධම්මධජංකේතුං
24. වන්දේ අමතදායකං
25. වන්දේ සංගාතිගං සෙට්ඨං
26. වන්දේ තිණ්ණසාගරං
27. වන්දේ විසාරදං ඛේමං
28. වන්දේ වේදගුං මුනිං
29. වන්දේ සමණපුණ්ඩරීකං
30. වන්දේ කේවලිං මුනිං
31. වන්දේ අභිනීලනෙත්තං
32. වන්දේ ලෝකපූජිතං
33. වන්දේ අප්පටිමං අතුලං
34. වන්දේ අප්පටිපුග්ගලං
35. වන්දේ අනාසවං බුද්ධං
36. වන්දේ සත්තමංඉසිං
37. වන්දේ ගෝතමං බුද්ධං
38. වන්දේ ධම්මපවත්තකං
39. වන්දේ සබ්බඤ්ඤුුතං ඤාණං
40. වන්දේ ලෝකවිනායකං
41. වන්දේ අනාවරණ දස්සිං
42. වන්දේ සමන්තභද්දකං
43. වන්දේ අච්ඡුරියඤාණං
44. වන්දේ ගුණාකරං මුනිං
45. වන්දේ මග්ගවිදුං බුද්ධං
46. වන්දේ මග්ගකෝවිදං
47. වන්දේ නිබ්බාණමක්ඛාතං
48. වන්දේ සුගතමුත්තමං
49. වන්දේ මහාපුරිසවීරං
50. වන්දේ අකුතෝභයං මුනිං
51. වන්දේ අභිවිජයලෝකං
52. වන්දේ ගෝතම මහා මුනිං
53. වන්දේ අනුත්තරං සීහං
54. වන්දේ සච්චනාමකං
55. වන්දේ නිපුණත්ථදස්සිං
56. වන්දේ තථාගතං මුනිං
57. වන්දේ තිලෝකසරණං
58. වන්දේ සුරියතමෝනුදං
59. වන්දේ විමුත්තිසම්පන්නං
60. වන්දේ අභයදායකං
61. වන්දේ තිභුවනවිජිතං
62. වන්දේ පරමසුන්දරං
63. වන්දේ මහාපුරිසවරං
64. වන්දේ ලෝකපූජිතං
65. වන්දේ නිබ්බාණදස්සාවිං
66. වන්දේ නිබ්බාණදායකං
67. වන්දේ නිබ්බාණමචලං
68. වන්දේ නිබ්බාණමහාමුනිං
69. වන්දේ තාරපතිං බුද්ධං
70. වන්දේ ආදිච්චබන්ධුනං
71. වන්දේ සක්‍යවිභූසනං
72. වන්දේ පරමපූජිතං
73. වන්දේ තණ්හක්ඛයං වීරං
74. වන්දේ මෝහපදාලිතං
75. වන්දේ ලෝකේකනෙත්තං
76. වන්දේ සුගත මහාමුනිං
77. වන්දේ පාරගතං වේදං
78. වන්දේ එ්ක චක්ඛුමං
79. වන්දේ සීතලහදයං
80. වන්දේ බ‍්‍රහ්මසාරථිං
81. වන්දේ සමාධිසම්පන්නං
82. වන්දේ කල්‍යාණමුත්තමං
83. වන්දේ පඤ්ඤාබලප්පත්තං
84. වන්දේ ඣාන නිස්සයං
85. වන්දේ දසබලං වීරං
86. වන්දේ විසාරදං වරං
87. වන්දේ වන්තකසාවන්තං
88. වන්දේ සද්ධම්මදායකං
89. වන්දේ සුගතං මහාපඤ්ඤං
90. වන්දේ අංගීරසං මුනිං
91. වන්දේ ආරද්ධවිරියං
92. වන්දේ ගෝතම මහාමුනිං
93. වන්දේ අසමසමං බුද්ධං
94. වන්දේ දිපදානමුත්තමං
95. වන්දේ තිභුවනාලෝකං
96. වන්දේ අසමමහාමුනිං
97. වන්දේ අතිතුලං බ‍්‍රහ්මං
98. වන්දේ කණ්හපමද්දනං
99. වන්දේ පරිපුණ්ණ කායං
100. වන්දේ චාරුදස්සනං
101. වන්දේ මහාධම්මරාජං
102. වන්දේ රුචිරදස්සනං
103. වන්දේ සුදුල්ලභං බුද්ධං
104. වන්දේ මාරාභිභුං මුනිං
105. වන්දේ බුද්ධං භගවන්තං
106. වන්දේ සුගතං භගවන්තං
107. වන්දේ අරහං භගවන්තං
108. වන්දේ වන්දේ භගවන්තං
සාධු! සාධු!! සාධු!!!
"යසෝදරා" කාව්‍ය සංග්‍රහය..

පෑව සෙනේ ලොව - සිහින කුමාරිය - ඔබ මිස වෙන නැති යසෝදරා
01. පෙර සසරේ සිට - පෙමට පුදා සිත - ආවා ඔබ මෙහි යසෝදරා... යසෝදරා...
පෙරුම් පුරන බුදු - බවට ලෝල බැඳි - හිමි තනි නොකළේ යසෝදරා... යසෝදරා...
සෙවැණැල්ලක් සේ - ආවා පසුපස - හඬා වැටෙන සිත යසෝදරා... යසෝදරා...
දෙසිතක් නොමැතිව - හිමිට ආල වැඩු - පිවිතුරු සෙනෙහස යසෝදරා... යසෝදරා...
02. සඳකිඳුරා සිටි - හිමගිරි අරණේ - සඳකිඳුරිය ඔබ යසෝදරා... යසෝදරා...
මාල පැළඳ හිස - වස්දඬු රාවෙන් - ගීත ගැයූ ඔබ යසෝදරා... යසෝදරා...
බඹදත් රජු එහි - කිඳුරු මරණ විට - දැන සිටියේ නෑ යසෝදරා... යසෝදරා...
ආදර කිඳුරා - වැටී සිටිනු දුටු - හඬා වැටුණු ඔබ යසෝදරා... යසෝදරා...
03. පණ ඉල්ලාගෙන - කිඳුරුගෙ මළකඳ - වැළඳ සිටියෙ ඔබ යසෝදරා... යසෝදරා...
වැළපෙද්දී එහි - හිමගිරි දෙදරා - මල් බිම වැටුණා යසෝදරා... යසෝදරා...
දෙව්ලොව දෙවියෝ - ඔබෙ සෙනෙහස දැක - දුන්නා දිව ඔසු යසෝදරා... යසෝදරා...
අසරණ හිමි හට - යළි පණ දෙන්නට - හැඬුවා අසරණ යසෝදරා... යසෝදරා...
04. සොඳුරියෙ මම බුදු - බවට කැමති වෙමි - යන හිමි වදනට යසෝදරා... යසෝදරා...
බාධාවක් නැති - ආසිරි මල් ගෙන - හිමි පිදුවා ඔබ යසෝදරා... යසෝදරා...
තම හිමිසඳු හට - පෙරුම් පුරන්නට - දිවි පිදුවා ඔබ යසෝදරා... යසෝදරා...
හැම දුක් විඳ විඳ - ඝෝර සසරෙ වැද - පසුපස ආවා යසෝදරා... යසෝදරා...
05. මුව දෙන වී ඔබ - දරු කුසෙහි දරාගෙන - දිවි පුදනා විට යසෝදරා... යසෝදරා...
බෝසත් මුව රජ - හනික පෙරට වැද - ඔබ රැුකගත්තේ යසෝදරා... යසෝදරා...
වක් වී ගලනා - දිය කඳ විලසින් - වරදෙ බැඳෙන ලොව යසෝදරා... යසෝදරා...
හිමි හට රහසේ - වරදේ නොබැඳුණ - අසිරිය ඔබමයි යසෝදරා... යසෝදරා...
06. චපල සිතින් ලොව - වසන කතුන් මැද - අචපල සිත ඔබ යසෝදරා... යසෝදරා...
හිමි හට රහසේ - පෙම් බඳිනා ලොව - රහසක් නැති ඔබ යසෝදරා... යසෝදරා...
සොඳුරු හදට බැඳි - පෙමට ආල වැඩු - නපුරු වචන නැති යසෝදරා... යසෝදරා...
නෙතු සඟලින් ඔබ - තම හිමි මිස වෙන - කිසිවෙකු නොම දුටු යසෝදරා... යසෝදරා...
07. හංස කුලේ ඔබ - මානස විල මැද - පෙමින් බැඳුණු විට යසෝදරා... යසෝදරා...
අප මහ බෝසත් - රාජ හංසයා - අල්ලාගත් විට යසෝදරා... යසෝදරා...
අහසට නැගුණා - සියලූ හංසයෝ - ඔබ එහි රැුඳුණා යසෝදරා... යසෝදරා...
සෙනෙහසකට දිවි - පුදා සියලූ කල - ඔබ ළඟ සිටියා යසෝදරා... යසෝදරා...
08. ඇත් රජෙකුව අප - බෝසත් හිමිසඳ - හිමගිරි අරණේ යසෝදරා... යසෝදරා...
දළ දෙක දන් දී - මිය යන විට දුකසේ - ඇතින්න වී ඔබ යසෝදරා... යසෝදරා...
තම හිමි ළමැදේ - තබමින් සොඬවැල - හඬා වැටුණු ඔබ යසෝදරා... යසෝදරා...
පුරන පෙරුම් කඳ - ආදර හිමිසඳ - වෙනුවෙන් දිවි දුන් යසෝදරා... යසෝදරා...
09. ලෙහෙන කුලේ ඔබ - දෙදෙන උපන් සඳ - දරු සිඟිති ඇතිව සිටි යසෝදරා... යසෝදරා...
බෝසත් ලෙහෙනා - බලා සිටිද්දී - දියේ වැටුණු ඔබ යසෝදරා... යසෝදරා...
ගිලෙනා විට ඔබ - සැඩ රළ පහරේ - ලෙහෙනා හැඬුවා යසෝදරා... යසෝදරා...
වළිගය තෙමමින් - සැඩ පහර සිඳින හිමි - ඔබ දුටුවේ නෑ යසෝදරා... යසෝදරා...
10. සසරෙන් එතෙරට - වඩින හිමිට ඔබෙ - සෙනෙහස වැඩුවා යසෝදරා... යසෝදරා...
සිල් සුරකින විට - ඔබගේ හිමිසඳ - සීලය නොබිඳින යසෝදරා... යසෝදරා...
වනගත වී හිමි - බවුන් වඩන විට - උවටැන් කරනා යසෝදරා... යසෝදරා...
දුක් විඳිමින් මේ - ඝෝර සසරෙ හිමි - තනි කෙරුවේ නැති යසෝදරා... යසෝදරා...
11. මන්ද්‍රි බිසව වී - වෙසතුරු සිරිතේ - හිමි පසු පස ආ යසෝදරා... යසෝදරා...
ජාලිය ක‍්‍රිෂ්ණා - දන් දුන් වග දැන - සෙනෙහස රැුකගත් යසෝදරා... යසෝදරා...
දන් දෙන විට ඔබ - දුගී බමුණු හට - හිමිට ආල වැඩු යසෝදරා... යසෝදරා...
තම හිමිසඳුගේ - පුරන පෙරුම් මඟ - තනියට සිටි ඔබ යසෝදරා... යසෝදරා...
12. තම දිවි දකිනා - එකම ඇසක් සේ - හිමිසඳු රැුකගත් යසෝදරා... යසෝදරා...
පණ නළ රකිනා - හදමඬලක් සේ - හිමි තනියට සිටි යසෝදරා... යසෝදරා...
හැම දුක විඳිනා - සුසුම් පොදක් සේ - දැවටී සිටි ඔබ යසෝදරා... යසෝදරා...
සයුරට වදිනා - නෞකාවක් සේ - එතෙර බලා ගිය යසෝදරා... යසෝදරා...
13. සිදුහත් කුමරුන් - අතිනත ගත් දා - සොඳුරු සිහින මැවු යසෝදරා... යසෝදරා...
සිඟිති පුතෙකු මව් - කුසින් දරා ගෙන - සෙනෙහස වැඩුවා යසෝදරා... යසෝදරා...
බෝසත් හිමි හට - පෙරුම් පුරා ආ - ප‍්‍රිය බිරිඳයි ඔබ යසෝදරා... යසෝදරා...
ගෙවනා සසරේ - අවසන් භවයට - ආ වග නොදුටුව යසෝදරා... යසෝදරා...
15. රාහුල පුතු ඔබ - තුරුලේ රඳවා - සැතපී සිටි විට යසෝදරා... යසෝදරා...
තම හිමිසඳ දොර - කවුළුව අසලින් - ඔබ දකිනා විට යසෝදරා... යසෝදරා...
සිහිනෙන් වත් හිමි - යන බව නුදුටුවෙ - කිසි වරදක් නැති යසෝදරා... යසෝදරා...
ඇයි ද කියන් මට - යසෝදරාවෙනි - අවදි නොවුනෙ ඇයි යසෝදරා... යසෝදරා...
16. හිමිදිරියේ ඔබ - සිඟිති දරු ද ගෙන - හිමිසඳ සෙව්වා යසෝදරා... යසෝදරා...
මෙතුවක් කල් ගිය - සසර පුරා ආ - කොහිද ගියේ හිමි යසෝදරා... යසෝදරා...
පෙරුම් පුරාගෙන - ආ භව ගමනේ - එකට ම ගිය ඔබ යසෝදරා... යසෝදරා...
සිහිසන් නැති වී - හඬා වැටුණු ඔබ - තනිවුණා ද දැන් යසෝදරා... යසෝදරා...
17. වැළපෙන විට ඔබ - පෙම තුරුළට ගෙන - හිමිසඳ නොමැතිව යසෝදරා... යසෝදරා...
සිහින ලොවක ඇති - සිතුවම් විලසට - බොඳ වුණා ද ඔබ යසෝදරා... යසෝදරා...
සිඟිති රහල් පුතු - දකිනා විට ඔබ - කුමක්ද සිතුණේ යසෝදරා... යසෝදරා...
සකල සතට නිති - සෙත සළසන්නට - ගිය වග නොදැනුණි යසෝදරා... යසෝදරා...
18. වනයේ වල් වැද - තාපස වෙස් ගෙන - බවුන් වඩයි හිමි යසෝදරා... යසෝදරා...
සළු පිළි අබරණ - ඉවත දැමූ ඔබ - කහවත් හැන්ඳා යසෝදරා... යසෝදරා...
එක වේලක් හිමි - වළඳන බව දැන - එක් වේලක් ගත් යසෝදරා... යසෝදරා...
රුක් සෙවණේ හිමි - සැතැපුණු බව දැන - බිම සැතැපී සිටි යසෝදරා... යසෝදරා...
19. පෑව සෙනේ ලොව - සිහින කුමාරිය - ඔබ මිස වෙන නැති යසෝදරා... යසෝදරා...
?ක දවාලක - හිමි නොමැතිව සිටි - සෙවණැල්ලයි ඔබ යසෝදරා... යසෝදරා...
නේක දරා දුක - සෝක සිතින් ගෙන - ආල වැඩූ ඔබ යසෝදරා... යසෝදරා...
ආදරයේ රන් - පුදසුන අභියස - පුදන කිරුළ ඔබ යසෝදරා... යසෝදරා...
20. සත් වසරක් තෙර - නොපෙනෙන අහසේ - ඈත බලා සිටි යසෝදරා... යසෝදරා...
හිමිසඳ යළි එහි - වඩිනා විට ඔබ - ඇයි දෝ නාවේ යසෝදරා... යසෝදරා...
වාවාගන්නට - බැරි තරමේ දුක - තිබුණ නිසාවෙද යසෝදරා... යසෝදරා...
භවයෙන් භවයට - සෙනෙහේ කඳුළු මැද - තෙමී ගියාවෙද යසෝදරා... යසෝදරා...
21. දොර කවුළුව අසළින් - ආයෙත් සැරයක් - නම ඇසෙනා විට යසෝදරා... යසෝදරා...
සත් වසර පුරාවට - නෑසුන එ් හඬ - යළි ඇසෙනා විට යසෝදරා... යසෝදරා...
දෑස විවර කොට - අවදිව සැණෙකින් - බැලූවේ කොහොමද යසෝදරා... යසෝදරා...
හිමිසඳුගේ සිරි - පතුල් වැළඳ ගෙන - වැඳ වැටුණා ඔබ යසෝදරා... යසෝදරා...
22. රාහුල පුතු හට - දායාද ගෙනෙන්නට - පිය හිමි වෙත යැවු යසෝදරා... යසෝදරා...
ශ‍්‍රමණ පුතෙකු වී - එහි නැවතුණ විට - ආයෙත් හැඬුව ද යසෝදරා... යසෝදරා...
සත් වසර පුරාවට - නොලැබුණු සෙනෙහස - දුන් රාහුල පුතු යසෝදරා... යසෝදරා...
වෙන් වී යනවිට - සසරේ තිබෙනා - දුක දුටුවද ඔබ යසෝදරා... යසෝදරා...
23. තම හිමිසඳ වැඩි - නිවනට යන මග - යන්නට සිතුණ ද යසෝදරා... යසෝදරා...
කිඹුල්වතේ සිට - සුළුමව් සමඟින් - පැවිදි වෙසින් ගිය යසෝදරා... යසෝදරා...
පා ගමනින් එ් - විසල් පුරට ඔබ - යන විට වෙහෙසී යසෝදරා... යසෝදරා...
සියුමැලි පා යුග - පුපුරා ගිය විට - හැඬුවෙ නැත්තෙ ඇයි යසෝදරා... යසෝදරා...
24. භික්ෂුණියන් වෙන්නට - අවසර ඉල්ලා - නොලැබී ගිය විට යසෝදරා... යසෝදරා...
වෙහෙරේ දොරටුව - අසලට විත් ඔබ - ආයෙත් හැඬුවා යසෝදරා... යසෝදරා...
තවදුරටත් මේ - සසරේ එක් වී - යන්නට බැරි වග යසෝදරා... යසෝදරා...
තේරුණ විට ඔබ - හෙලූ සුසුම් කඳ - සුළඟට ඇදුණා යසෝදරා... යසෝදරා...
25. ළබැඳි සෙනෙහෙ මත - වැඩුණු ආල සිත - පිනට ම යොමු කළ යසෝදරා... යසෝදරා...
එක් වෙන දේ හැම - වෙන් වී යන වග - තේරුම් ගිය විට යසෝදරා... යසෝදරා...
අසනා විට එ් - සම්බුදු බණ පද - භවයෙන් මිදුණා යසෝදරා... යසෝදරා...
කඳුලින් පිරි මේ - සසරෙන් එතෙරට - වැඩියේ පින් ඇති යසෝදරා... යසෝදරා...
26. ආදරයේ රන් - කිරුළ දරාගෙන - පෙරුම් පුරා ආ යසෝදරා... යසෝදරා...
හිමිසඳ බුදු වී - දහම් දෙසන විට - කඳුළු පිස දැමූ යසෝදරා... යසෝදරා...
දරා කසා වත - භික්ෂුණියක ලෙස - නිවන් මගේ වැඩි යසෝදරා... යසෝදරා...
ආදරයෙන් අපි - වඳිනෙමු සැමදා - ඔබ ම යි අපගේ යසෝදරා... යසෝදරා...

Feb 18, 2010
ත්‍රිපිටක පරිවර්තන

මහමෙව්නාව සදහම් ප්‍රකාශන මගින් ප්‍රකාශයට පත් කොට ඇති ත්‍රිපිටක පොත් වහන්සේලා.
මෙම සදහම් ග්‍රන්ථ සියලුම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් හි දී ලබා ගත හැකි වන අතර විශේෂයෙන් විදෙස් රටවල වාසය කරන ඔබට මාළඹේ පිට්ටුගල, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවට දැනුම් දීමෙන් ගෙන්වාගත හැකි ය.
1. දීඝ නිකාය 1
2. මජ්ඣිම නිකාය 1
3. මජ්ඣිම නිකාය 2
4. මජ්ඣිම නිකාය 3
5. සංයුත්ත නිකාය 1
6. සංයුත්ත නිකාය 2
7. සංයුත්ත නිකාය 3
8. සංයුත්ත නිකාය 4
9. අංගුත්තර නිකාය 1
10. ඛුද්දක නිකාය 1
11. ඛුද්දක නිකාය 2 (විමානවත්ථු - ප්‍රේත වත්ථු)
ඔබ ස්වාධීන වීමට කැමැති ද?

අප අපගේ ක්‍රියා පිළිබඳ අවධානයෙන් කිළිටි ක්‍රියාවලින් මිදී ගත කරනවා නම් මේ පසුතැවිල්ල, කනගාටුව අපේ ජීවිතවලට එන්නේ නැහැ. කිළිටි බවින් තොරවීම ම යි ජීවිතයක අභිමානය. මේ අභිමානය පිළිබඳ අදහස් කුඩා කල පටන් ම දරුවන් තුළ වර්ධනය කළ යුතු යි. මෙතැන දී තමයි ධර්මයේ වැදගත් බව ඉස්මතු වන්නේ. මේ සඳහා මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ධර්මය ගැන මුල් ම පැහැදීම තිබීම අවශ්‍ය වන්නේ මවුපියන් අතර යි.
වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.
අප සමාජයේ කුඩා දරුවන් පවා දැන් පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස හැසිරෙන්නට පටන් අරන්. මා ඔබට කියන්නම් මෑතක දී සිදු වූ අපූරු සිදුවීමක් ගැන. මේ සිද්ධියට සම්බන්ධ වූ දියණියගේ වයස අවුරුදු දහතුන යි. ඈ පාසලේ හත්වැනි වසරේ දරුවෙක්. ඈ වැලන්ටයින් දිනයේ දී පේ‍්‍රමවන්තයකුට ලිපියක් ලිව්වා. මුද්දකුත් සොයා ගත්තා. පෙම්වතා ගේ වයස අවුරුදු දාහතරයි. ඉතින් මේ දුව මේ මුද්ද අර පෙම් ලිපියේ දවටලා විසිතුරු විදියට සරසලා පෙම්වතාට දුන්නා. මේ දෙන්නාට ම රක්ෂණ මාර්ගයක් නැහැ. කුඩා ළමයි. හරි ම බොළඳ හැඟීම් සමුදායක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ. හැබැයි මෙහෙම කාලය ගත වෙද්දී අර දූට අවුරුදු පහළොව විතර වන විට මේ සම්බන්ධයේ ඇති අරුත් සුන් බව ඈට වැටහෙන්නට පටන් ගත්තා. ඈ පෙම්වතාට කරුණු පැහැදිලි කරන්නට වුණා. ‘අපි තවමත් ඉගෙන ගන්න වයසේ. අපි දැන් කළයුතු අධ්‍යාපන කටයුතු කර ගැනීමයි’. ආදී වශයෙන් ඈ කරුණු ඉදිරිපත් කළා. ඒත් මේ පුතා තීරණය කළා තවදුරටත් තමා ජීවත් වීමෙන් පලක් නැතැ යි කියා. මේ විදියට ඔහු තීරණයකට ආවා සිය දිවි නසා ගැනීමට. ඒ වෙනකොට ඔහු ගේ වයස දාහතක් විතර ඇති.
දැන් ඔහු වහ බෝතලයකුත් සපයාගෙන බොන්නයි සූදානම. මේ වෙනකොට ඔහු ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම කඩාකප්පල් වෙලා ඉවරයි. ඊට මුළුමනින් ම හේතු වුණේ මේ පේ‍්‍රම සම්බන්ධ යි. ඔහු ඇත්තට ම ජීවිතේ වරද්දා ගත්තා. හැබැයි හොඳ වෙලාවට ජීවිතය හානි කර ගැනීම ඥාතියකු නිසා මඟ හැරුණා. අප අවසාන වශයෙන් ඒ දරුවා පුනරුත්ථාපනය කළා.
දැන් වෙලා තියෙන්නේ අවුරුදු දොළහ, දහතුන වෙද්දී තමන්ට ෙපම්වතකු හෝ පෙම්වතියක අවශ්‍යයි කියා මතයක් දරුවන් අතරට ගිහින්. මෙය මහ පුදුමාකාර අදහසක්. තමන්ට පේ‍්‍රමවන්තියෙක් නැතිනම් එය අසම්පූර්ණ අංගවිකල ජීවිතයක් ය වැනි ආකල්පයක් මේ කුඩා දරුවන් අතර ප්‍රචලිත කරවලා.
ඇත්තට ම මේ කාලය තමා මේ දරුවන් යහපත් පුරවැසියන් ලෙස සකස් වීමට සුදුසු කාලය. දැන් අපි බලමු එවන් යහපත් ජීවිතයකට අවශ්‍ය වැදගත් කරුණු ගැන. අධ්‍යාපනය, ඉන්ද්‍රිය දමනය, සිල්වත් බව, සංවර බව, දුරදිග කල්පනා කිරීමේ හැකියාව වැනි වැදගත් කරුණු ජීවිතයක කුඩා අවදියේ දී ම ලැබුණොත් ඒ ජීවිතය උදාර බවට පත්වෙනවා. මේ සියලු අංග වර්ධනය කරගත යුතු කාලය පේ‍්‍රම බන්ධනයකින් වැසී ගිය විට ජීවිතයම අවුලක්.
සිය දරුවන් ගේ ජීවිතවලට ධර්මය ලබාදීමට සෑම මවුපියන්ම උත්සුක විය යුතු යි. ඇත්තට ම මේ කාරණාව ගැන දැන් සමාජයේ තැකීමක් නැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම භාෂා ඤාණය ලබාදීම වැනි කාරණා මෙන් ම නිසි වයස එළැඹි විට ඔවුන්ට රැකියා සපයා දීම, විවාපත් කරදීම වැනි කරුණු කෙරෙහි ම පමණයි මවුපියන් ගේ අවධානය යොමු වී තිබෙන්නේ. මේ සියලු කාරණා ගැන වෙහෙසෙන අතර මවුපියන් දරුවන් ගේ ජීවිතාභිවෘද්ධියට අදාළ ම කාරණාව අතපසු කර දමනවා. මෙහි භයානක ප්‍රතිපල දැනටමත් අපට පැහැදිලි ව පෙනෙන්නට තිබෙනවා නො වේ ද?
මම හොඳට ම දන්න කාරණාවක් කියන්නම්. දැන් බටහිර රටවල තත්ත්වය මොන වගේ ද කියලා බලන්න. ඒ රටවල ධර්මය නැහැ. දරුවන් ගේ ජීවිතවලට ධර්මයේ පිහිටක් ලැබෙන්නට පරිසරයක් නැහැ. ඒ දරුවන් කුඩා වියේ පටන් ම වැඩිහිටියන් මෙන් ජීවිත ගත කරන්නට යොමු වෙලා.
කැනඩාවේ සිද්ධියක් මම කියන්නම්. එහි තිබෙනවා අසාර්ථක වූ ජීවිත ගොඩනැංවීමේ පාසල්. මේවා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වගේ. මේ වගේ පාසල්වල ඉන්න දරුවන්ගේ වයස අවුරුදු දහතුන දාහතර වගේ අය යි. මෙවැනි දරුවන් තමන් ගේ දරුවන්වත් වඩාගෙන පන්ති එනවා. ඒ කියන්නේ පාසලේ හත්වැනි, අටවැනි ශ්‍රේණිවල දරුවන්. මේ රටවල දරුවන් බොහෝ විට වයස අවුරුදු දහතුනින් පමණ නිවෙසේවලින් පිටවුණා ම ඉන්පසු ඒ අයට මවුපියන් ගේ් බලපෑමක් නැහැ. බොහෝ දරුවන් මේ විදියට සිය නිවෙස්වලින් පිටවුණා ම ආයෙමත් යෑමක් සිදුවන්නේ නැහැ. මිත්‍රයන් ගේ ගෙවල්වල එහෙම නැවතිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය ජීවිත ගත කරනවා. ගෙදරින් පිටවුණාම පසු මවුපියන් යළි ඒ දරුවා පිළිගන්නෙත් නැහැ. මේ වයසේ දී මේ දරුවන් තම ජීවිකාව උපයා ගත යුතුයි. නො එසේ නම් රැකියාවක් සොයා ගත යුතුයි. මේ අය ඉගෙන ගන්න අතරතුර රැකියාවකුත් කරනවා. මේ වයස වෙද්දී මේ සමහර දරුවන්ට දරුවන් දෙන්නකු ම ලැබිලා. මේ බාල වයසේ දී කුලියට කාමරයක් අරගෙන ඒ කුලී මුදලුත් ගෙවාගෙන, පාසල් යන අතරවාරයේ අමතර රැකියාවකුත් කරමින්, දරුවන් දෙදෙනකුත් රක්ෂා කළ යුතුයි. ඇතැම විට මවුපියන් තරයේ අදහාගෙන සිටිනවා, වයස අවුරුදු පහළොවෙන් පසු දරුවන් වෙන් ව ජීවත්විය යුතුයි කියා. ඉන්පසු දරුවන් ගැන මවුපියන් ගේ වගකීමක් නැහැ. අවුරුදු පහළොවෙන් පසු දරුවා නිදහස්. මවුපිය බැඳීම් නැහැ. එවැනි දරුවකුට ඒ වයස වන විට පෙම්වතකු හෝ පෙම්වතියක සිටිය යුතු ම යි කියා ඒ සමාජය සලකනවා. එහෙම පේ‍්‍රමවන්තයෙක් නැතිනම් මවුපියන් දරුවා මනෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යනවා. පේ‍්‍රමවන්තයකු හෝ පේ‍්‍රමවන්තියක නොමැති වීම රෝගයක් කියා යි ඒ සමාජය කල්පනා කරන්නේ.
මේ තත්ත්වයට පත් වූ සමාජයක් මොන තරම් භයානක ද? මෙවැනි සමාජයක නායකත්වයට සුදුසු ලක්ෂණ මතු වේ යැයි සිතන්නේ කොහොම ද? මේ නිසා අප විසින් අවධාරණයෙන් ම වටහා ගත යුතු යමක් තිබෙනවා. එනම් බාල වයසේ සිට ම දරුවන් තුළ සිල්වත් ජීවිතයක් ගත කිරීමේ ඇති වටිනාකම පිළිබඳ අදහස් ස්ථාපිත කළ යුතු යි යන්න යි. වාගේ ම මේ වයස්වල දරුවන් ආගමික කටයුතුවලට සම්බන්ධ කරවා ගැනීම ඉතා වැදගත්. එවැනි දරුවන් හරි ම චරිතවත්.
මනුෂ්‍යයා කිලිටි වන්නේ මනුෂ්‍යයා ගේ ම ක්‍රියා නිසා. මනුෂ්‍යයා පිරිසුදු වන්නේත්, මනුෂ්‍යයාගේ ක්‍රියාව නිසා ම යි. කිළිටි ක්‍රියා හේතුවෙන් හිරගෙවල්වල ලගිනවා. මුළු ජීවිතයට ම අර්බුද හදා ගන්නවා. කිළිටි දේ හේතුවෙන් ජීවිතයට ම පසු තැවෙන දේ සිදු කර ගන්නවා.
අප අපගේ ක්‍රියා පිළිබඳ අවධානයෙන් කිළිටි ක්‍රියාවලින් මිදී ගත කරනවා නම් මේ පසුතැවිල්ල, කනගාටුව අපේ ජීවිතවලට එන්නේ නැහැ. කිළිටි බවින් තොරවීම ම යි ජීවිතයක අභිමානය. මේ අභිමානය පිළිබඳ අදහස් කුඩා කල පටන් ම දරුවන් තුළ වර්ධනය කළ යුතු යි. මෙතැන දී තමයි ධර්මයේ වැදගත් බව ඉස්මතු වන්නේ. මේ සඳහා මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ධර්මය ගැන මුල් ම පැහැදීම තිබීම අවශ්‍ය වන්නේ මවුපියන් අතර යි. වැලන්ටයින් දිනයේ දී රෝස මලක් ත්‍යාග කිරීම වැදගත් කොට සලකනවා නම්, මෙන්න මේ ධාර්මික අවබෝධය ම යි ඉතා වටිනා රෝසමල විය යුතු වන්නේ.
ඒ වාගේ ම මේ දිනයේදී රෝස මලක් වෙනුවට ධම්මපදය වැනි පොතක් සිය පෙම්වතාට හෝ පෙම්වතියට තෑගි කරන්නට හැකි සමාජයක් අප ඇතිකරගත යුතුයි. යුරෝපීයයන්ට ධර්මය නැති වුණාට අපට පැහැදිලි පදනමක් ඇති දහමක් තිබෙනවා. මේ කාරණාව අප පැහැදිලිව වටහා ගත යුතු යි.
පේ‍්‍රමවන්තයන් අතර වටිනා දහම් පණිවිඩ හුවමාරු කරගත හැකි නොවේ ද? දහම් පණිවිඩ කී පමණින් කෙනකු මෙය වරදවා වටහා ගත හැකි යි. දහම් පණිවිඩයක් යනු වයස්ගත උපාසකයන් ගේ යමක් යැයි සිතා ගත යුතු නැහැ. අප දැන් හැම විටම විශේෂ යමක් කියා සිතන්නේ ම බටහිර ජාතිකයකු ගේ කියමනක් හෝ ප්‍රකාශයක් පමණ යි. පඬි වදනක් වන්නේත්, එවැනි විදේශිකයකු ගේ කියමනක් ම යි.
අප පඬි වදන් හැටියට තෝරන්නේ ම විදේශිකයන් ගේ පොත්වලින් උපුටා ගන්නා කුඩා පාඨ නොවේ ද? එතකොට පඬිවරුන් බිහිවන්නේ බටහිරම ද? පෙරදිගට බැහැ ඒ කියන්නේ පඬිවරුන් බිහි කරන්නට? පඬිවදන් ලියැ වී තිබිය යුතු ඉංගී‍්‍රසි බසින් පමණ යි ද?
මේ අතර අප වටිනා දහම් පාඨයක් ඉදිරිපත් කළහොත්, එය වයසක අප ගේ වැඩක් වෙනවා. ඒත් මේ දහම් පාඨ, දහම් පණිවිඩ ආදිය, අප භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ අසමසම ප්‍රඥාවෙන් ලෝකාවබෝධයෙන් යුතු ව ඉදිරිපත් කළ ප්‍රකාශ යි. මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට තවත් බුදුවරයකුටම හැර වෙනත් කිසිවකුට හැකියාවක් නැහැ. මේ ප්‍රකාශවලට ම යි, ජීවිත සුවපත් කළ හැකි වන්නේ.
වැලන්ටයින් දිනය සමරනු කැමැති වූ දරුවන්ට ඉතා වැදගත් ප්‍රකාශයක්, ධර්මය ඇසුරින් ගෙන හැර දක්වන්නට මම කැමැතියි. දැන් අපට පෙනෙනවා, සංසාරගතව ම එන සබඳතා තිබෙන බව ඇතැම් අය අතර. මෙවැනි අය, මේ ජීවිතයේදීත් මුණ ගැසෙනවා. පේ‍්‍රමණීය සබඳතා ගොඩනගා ගන්නවා.
මෙවැනි එක් උදාහරණයක් තමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ගිහි ජීවිතයේ දීත් අපට හමුවන්නේ. ඇත්තට ම මේ විදියට දෙදෙනෙක් එක් වන්නේ් කලාතුරකින්. මේ දෙදෙනා ම පින්වන්තයන්. එහි අදහස සමානව පින් කළ අය බව යි. මෙවැනි දෙදෙනකු ඇතැම් විට මවුපියන් ගේ යෝජනා කිරීමක් අනුව එක්තැන් වෙනවා.
දැන් බලන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහොම රූප සම්පත්තියෙන් යුතු වූ කෙනෙක්. උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරන විට මවුපියන් විවාහයක් පිළිබඳ යෝජනා කරන්නට පටන් ගත්තා. ඒත් මොහු ගේ කැමැත්ත වූයේ විමුක්තිය සොයා යෑමට යි. දැන් මේ තරුණයා කල්පනා කළා මේ විවාහ යෝජනාවලින් ගැලවී සිටීමට හැකි මඟක්. මෙසේ සිතා මොහු ඉතා ම ලස්සන රුවක් තැනෙව්වා. මේ ආකාරයේ රූපයක් ඇති තරුණියක පමණයි මා විවාහ කර ගන්නේ කියාත්, කීවා. ඔහු සිතුවේ මෙවැනි රුවක් ඇති ළඳක් සොයා ගත හැකි නො වන බව යි.
ඒත් මේ ආකාර රුව ඇති තරුණියක් සොයා ගැනුණා. ඉතින් ගැලවීමක් නැති තැන විවාහ විය යුතු ම තැනට කටයුතු යෙදුණා. මේ දෙදෙනාට කතිකා කර ගැනීමටත් මවුපියන්ගෙන් ඉඩ ලැබුණා. තිප්පලී කුමාරයා තමා එතුමාගේ ගිහි නම වුණේ.
ඉතින් මේ කුමාරයා තමා ගේ මනමාලිය වීමට නියමිත භද්දකච්චානාට මෙසේ කීවා. විවාහ ජීවිතයට මගේ කිසි කැමැත්තක් නැහැ. මට අවශ්‍ය විමුක්තිය සොයා යෑමට. මා බ්‍රහ්මචාරී ව සිටින කෙනෙක්’.
එවිට ඒ කුමාරිකාවත් මෙසේ කීවා. ‘අයියණ්ඩි, මාත් විවාහ දිවියකට කිසි කැමැත්තක් නැහැ. මාත් බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක්’.
මෙයින් පසු මේ දෙදෙනා තීරණයකට ආවා. එනම්, තමන් විවාහ විය යුතු බව යි. විවාහවීමෙන් පසු ද බඹසරව ජීවත් වීමට තීන්දු වුණා. දෙදෙනා විවාහ වූ පසු මේ අය සැතපෙන යහන මැදින් මල් මාලයක් තබනවා. එක් අයකු ගේ හෝ සිතක රාගී සිතිවිල්ලක් පහළ වුවහොත් මල් මාලය පර වන බවට ශපථ කළා. ඒත් විමුක්තිය සොයා යන තුරු ම ඒ මාලය පරවුණේ නැහැ. බලන්න මෙවැනි උදාර චරිත ඇති අය මේ සමාජයේ සිටියා. මේ සසර ගමනේ දී ඇතැම් අය මේ වගේ පින් පුරවාගෙන එනවා. මෙවැනි පින්වන්තයන් ඇතැම් විට මේ ජීවිතයේ දී එක්වන්නටත් පුළුවන්.
බුද්ධ කාලයේ විසූ නකුල මාතා, නකුල පිතා යන දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවට විත් සැළ කර සිටියා, ඒ දෙදෙනා යළි සංසාරයේ දී මුණ ගැසීමට කැමැති බව. එවිට බුදුරජාණන් වහන්සේ පැවසුවා ‘හොඳයි එසේ නම් ඔබ දෙදෙනා සමාන ශීල, ත්‍යාග, සද්ධා, ප්‍රඥා ඇතිකරගතහොත් මේ අදිටන සපුරන්නට ඔබට හැකියාව ලැබේවි කියා. මේ විදියට මේ ගුණයන්ගෙන් සමාන අය සමාජයේ සිටින්නට පුළුවන්. ඒ සමානත්වය හේතුවෙන් ම ඔවුනොවුන් කෙරෙහි සෙනෙහෙවන්ත වන්නටත් පුළුවන්. මෙය ඇත්ත වශයෙන් ම වාසනාවන්ත බැඳීමක්. මෙවැනි අයට ලෞකික ජීවිතයක් සාර්ථක කරගෙන, කුසල් වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
ඒත් සමහර පේ‍්‍රම සබඳතා ඇති වන්නේ, විඳවීමට මයි. මෙවැනි අය සම්බන්ධ වූ දා පටන් ම නොගැලපීම්, ගැටලු මතු වනවා. ඒත් මේ සියලු ගැටලු අතර පවා මේ දෙදෙනා වෙන් වන්නේත් නැහැ. පීඩාවට පත් වෙමින්, ඒත් වෙන් නොවී ජීවත් වනවා. මේ විඳවීම සිදුවන්නේ, පෙර පවක් නිසයි.
ඇත්තටම තමන් සංසාරේ ගතකළ ජීවිත අනුව රැස් කර ගත් දේ, මේ ජීවිතයට ඒ ඒ ආකාරයට බලපෑම් ඇති කරනවා. මෙවැනි දේට බිය වූ විට යි විවාහයට පෙර පොරොන්දම් බලන්නේ. ඒත් පොරොන්දමට බැහැ විවාහ ජීවිතයක් සාර්ථක කර දීමට. ඒත් ධර්මයට හැකියි එය කිරීමට. කිසියම් දෙදෙනකු සමාන ශීල, සමාධි, ප්‍රඥාවලින් යුතු වීමෙන් ම යි, මෙය සිදුකළ හැකි වන්නේ.
දරුවන් නිසා, වෙනත් සමාජ බැඳීම් නිසා, කිසියම් විවාහයකින් පසු නොගැළපීම් ඇතත් අභ්‍යන්තර විඳවීම් මැද ජීවත් වන පුද්ගලයන් බොහෝ සිටිනවා. ඒත් මේ සියලු අයට පිළිසරණ, ධර්මය ම යි. විවාහ ජීවිතයේ දී සැප උදා කර ගැනීමට නම්, ජරාවට පත්වන තුරු ම ශීලයෙන් යුතු ව, බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත පහදවාගෙන සිටීමෙන්, ප්‍රඥාව උපදවාගෙන සිටීමෙන්, පව් නොකර සිටීමෙන් එය උදාකර ගත හැකි බව බුද්ධ දේශනාව යි. සිල්වත් බව බිඳුණු පසු ඒ විවාහ ජීවිතය තුළ බලපැවැත්වෙන්නේ සැකය ම යි. ඉන්පසු කිසිදු සහනදායි සබඳතාවක්, මේ දෙදෙනා අතර ඇති වන්නේ නැහැ. මේ නිසා, මේ සියලු කරුණු පිළිබඳ ඉතා හොඳ අවධානයකින් අප සිටිය යුතු යි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
(සිත්මල් යාය - 2 කෘතියෙනි)
සටහන - තනූජා ධර්මපාල
බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

ඔබ භාවනාවට බිය ද ?

දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම. ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ මොනවා ගැන ද?
අද සමාජයේ සමහරු භාවනාවේ යෙදීමට කැමැති වුණත් ඊට බයයි. මේ පිළිබඳ මොනතරම් විස්තර බුද්ධ දේශනාවල ඇතුළත් දැ යි බොහෝ අය දන්නේ නැහැ. සූත්‍ර දේශනා පමණක් 18,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබෙන බව අදටත් ඇතැම් බෞද්ධයන් නො දන්නා කාරණාවක්.
දැන් මේ දේශනා බොහෝමයක් සිංහලට පරිවර්තනය වී තිබෙන නිසා ඔබට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතා පහසු වී තිබෙනවා.
තවත් සමහරුන් සිතන්නේ භාවනාවට පුද්ගලයකු යොමුවන්නේ ඒ තැනැත්තා ගේ් ජිවිතයේ පවතින කිසියම් ගැටලුවක් හෝ කරදරකාරී තත්ත්වයක් නිසා බව යි. බුද්ධ දේශනා පිළිබඳ අල්පමාත්‍ර හෝ දැනීමක් ඇත්නම් මෙවැනි මිථ්‍යා මතවල කිසිවකු එල්බ ගන්නේ නැහැ. එහෙත් අද සමාජයේ බහුතරයකට මේ දේශනා ගැන වැටහීමක් නොමැති නිසා මෙවැනි මතමයි වඩාත් ප්‍රචලිත ව තිබෙන්නෙ.
කෙසේ වෙතත් ගරුතර ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙවැනි මත පැතිරී තිබෙන්නේ අප වැනි රටවල පමණක් බව යි. ඉන්දියාවේ බහුතර ජනතාවක ගේ මතය මීට හාත්පසින්ම වෙනස්. බටහිර රටවල පවා මිනිසුන් භාවනාව ගැන අවබෝධයකින් යුතුව යි කටයුතු කරන්නේ.
මම ඔබට මේ සඳහා හොඳ උදාහරණයක් දක්වන්නම්. මා වරක් ධර්ම ප්‍රචාරය සඳහා ඇමරිකාවට යන්නට සූදානම් වූ විට එහි රේගුª නිලධාරියෙක් මගෙන් ඇසුවා එහි යෑමට අදාළ හේතුව ගැන. මා කීවා මා එහි යන්නේ භාවනාව ඉගැන්වීමට යි කියා. ඒ පිළිතුරින් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. ඔහු මට කියනවා ඉතා හොඳයි, මාත් ඉතා කැමැතියි භාවනාවට කියා.
ඉතින් බලන්න එවැනි රටක දී භාවනාවට ඉහළ අගයක් හිමිවීමටත්, අපේ වැනි රටක එය එසේ නො වීමටත් හේතුව කුමක් ද කියා. ඇත්තටම බටහිර රටවල උදවිය බුදුදහම කරා යොමු වන්නේ දැනුම ඔස්සේ නො වේ. භාවනාව ඔස්සේ ම යි. බටහිර රටවල ජනපි‍්‍රය මාතෘකා දෙකක් තිබෙනවා. ඒ තමයි යෝග සහ භාවනාව. ඒ අය ශාරීරික සුවතාව සඳහා යෝග යොදා ගන්නවා. භාවනාව යොදා ගැනෙන්නේ මානසික සුවතාව සඳහා යි. දැන් අපේ රටේ බැලුවොත් මේ දෙක ම නැහැ නේද? අපේ මිනිස්සු මේ දෙකට ම ගරහනවා. මොකක්ද මේ පෙරදිග ඇතිවුණු පිරිහීම? මා ඔබට කියන්නම් මේ පිරිහීමේ රහස මොකක්ද කියලා.
මේ රටවල ඉන්නවා මානසිකව ඔද්දල් වූ ජනතාවක් කාම පිපාසිත වූ. මේ අයට ජීවිතයේ කිසි ම අවබෝධයක් නැහැ. වින්දනය පමණක් ඉලක්ක කරගෙන හිස් ජීවිතයි මේ අය ගත කරමින් ඉන්නේ. මේ හිස් පුද්ගලයන් විසින් සමාජය තුළ ඇති කරන ලද මතයක තමයි අපේ බහුතරයක් එල්ලීගෙන ඉන්නේ.
තවත් මතයක් අපේ රටේ බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ.
ඕනෑම මානසික රෝගියෙක් මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට එහෙම රෝගී වෙනවා. මානසික රෝගයක මූලාරම්භය අමතක වීම. බලාගත් අත බලාගෙන සිටීම, ඒ වාගේ ම විකෘති ආකාරයට දිගින් දිගටම එක ම දෙයක් ගැන සිතමින් සිටීම ආදිය යි. මේ සියල්ල ම පුද්ගලයකුට පහසු වන්නේ ඒ පුද්ගලයා හුදෙකලා වූ විට යි. මානසික රෝගි බවට පත්වීමට සූදානම් පුද්ගලයා හැමවිට ම උත්සාහ දරන්නේ හුදෙකලා වීමටයි. හුදෙකලා වීමට ඇති කැමැත්ත නිසා ම මෙවැනි අය භාවනා කිරීමට යොමු වෙනවා. ඒත් ඇත්ත වශයෙන් ම ඔහුට තියෙන රෝගයක්. ඔහුට ඒ ගැන දැනීමක් නැහැ. ඉතින් මෙවැන්නෙක් කිසි ම විටෙක නිවැරැදි ආකාරයට භාවනාවේ යෙදෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුට ආවේනික කල්පනාවේ නිමග්න වී සිටීමක්. භාවනා ඉරියව්වෙන් සිටිමින් ම කල්ගත වෙද්දී ඔහුගේ රෝගය උත්සන්න වනවා. දැන් මේ පුද්ගලයා ගැන රාවයක් පැතිරෙනවා භාවනා කිරීම හේතුවෙන් සිහි විකල් වී තිබෙන බවට. ඒත් ඇත්තට ම මේ පුද්ගලයා තුළ එතෙක් පැවැති ආබාධයකුයි මෙසේ උත්සන්නව ඇත්තේ.
අනෙක් අතට සිහි විකල් වන්නේ භාවනාව නිසා නම් භාවනා නොකරන අයට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නො විය යුතුයි. ඒත් අපි දන්නවා කිසි ආගම් බේදයකින් තොරව පුද්ගලයන් ගේ සිහි විකල් තත්ත්වය ඇතිවනවා කියා. බලන්න කතෝලික හා ඉස්ලාම් වැනි ආගම් අදහන අයට භාවනා උගන්වන්නේ නැහැ. ඒ ආගම්වලට භාවනාව අදාළ නැහැ. ඒත් ඒ ආගම්වලට අයත් අය, මානසික රෝගී බවට පත්වන්නේ නැත්ද?
මූලික කාරණාව තමා, අපේ රටේ මිනිසුන් අතර මත ප්‍රචලිත කර තියෙනවා භවනා කළා ම තමයි පිස්සු වැටෙන්නේ කියලා. තවත් දෙයක් තියෙනවා. කසින භාවනාව නම් කිසිම කෙනෙකුට උචිත නැහැ. මා එය කිසිම විටෙක නිර්දේශ කරන්නේත් නැහැ. මෙතැනදී වන්නේ වර්ණයක් දෙස බලාගෙන භාවනා කිරීමයි. ඒත් මේ විදියට භාවනා කළා ම අභ්‍යන්තර වශයෙන් සතිපට්ඨානයෙන් ලබා ගත හැකි දේ ලැබෙන්නේ නැහැ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ලෙස යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නට බැහැ. ඒ කෙනා කරන්නේ කිසියම් වර්ණයක් අරමුණු කරගෙන භාවනා කිරීම පමණයි. අන්න එතැන දී මේ පුද්ගලයා තුළ කිසියම් මානසික වශයෙන් දුර්වලතාවයක් පැවතියා නම් එය ඉස්මතු වීමේ ඉඩකඩ ඇති වෙනවා. ඇත්තට ම අතීත කාලේ ආරණ්‍යවල කසින භාවනාව වැඩූ හාමුදුරුවරුන්ට මෙවැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා. මෙන්න මේ දේ භාවනාව ගැන වැරැදි මතයක් පැතිර යෑමට විශාල හේතුවක් වුණා.
‘භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුබ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්. මේ අනුව චිත්ත සමාධියක් කරා පිවිස වැඩි කලක් ගත කළ හැකි ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ම මෙවැනි දේ වෙනත් ආගම්වල නැහැ.
බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා
නැහැ. දැන් අපි දන්නවා මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්. මේ කාරණාව වටහා නො ගෙන නම් ඔබ කිසි විටෙක භාවනාවට යොමුවන්නට එපා. මනසක් ගොඩ නංවන්නට නම්, මනස පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කොට ඇති විද්‍යාවක් අවශ්‍යයි. සරල සාමාන්‍ය දෙයක් ගැන ඔබ හිතා බලන්න. කිසිවකුට මාවතක් සකසන්නට වුවමනා නම්, ඒ මාවත සැකසීමට අදාළ විද්‍යාව ඔහු උගත යුතුයි. ගොඩනැගිල්ලක් සෑදීමේදීත් ඊට අදාළ ශිල්පීය දැනුම ලබා සිටිය යුතුයි නේද? එසේ නම් මනසක් ගොඩ නංවන්නට නිකම් පුළුවන්ද? මනස දියුණු කළ හැකි ශිල්පීය ඥානය තිබෙන්නේ කොතැන ද? එය ඇත්තේ බුදු දහම තුළ පමණයි.
අනෙක් අතට පුද්ගලයන් දහසක් ගෙන බැලුවොත් එයින් දෙතුන් දෙනකුට මානසික ප්‍රශ්න තිබෙනවා වන්නට පුළුවන්. ඒත් එහෙමයි කියා අපට අනෙක් නවසිය අනූ අට දෙනා ම අත්හැර දමන්නට පුළුවන්ද?
දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම.
ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ් මොනවා ගැන ද? එසේ නම් අප නිතරම කල්පනා කරන්නේ රූපවාහිනියෙන් පෙන්වන, රේඩියෝවකින් අසන දෙයක් ගැන. නැතිනම් පත්තරවලින් කියවන දේ ගැන.
ඒ කියන්නේ පුද්ගලයා නිතර ම අසහනයෙන්, රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිටිය යුතුය යන්නයි. ඇත්තටම මිනිස්සු මේ විදිහට මානසිකව පීඩා විඳිමින් තමයි හැමවිටම ඉන්නේ. ඒත් ඔවුන් පීඩා විඳිමින් ඉන්නා බව ඔවුන්ම දන්නේ නැහැ. මෙහි අනතුර පොදු ජනතාව දකින්නෙත් නැහැ. මෙය තමයි, බහුතර ජනතාවක් වෙලී සිටින අවිද්‍යාව.
අවිද්‍යා සහගත පුද්ගලයා මනස සුවපත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඉස්සර වඩා දැන් සමාජයට යම් පමණකින් හෝ භාවනාව ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා.
ඉස්සර නම් තරුණ දරුවෙක් භාවනා කළොතින් හැමෝම කලබල වුණා. හැමෝම හිතුවේ, මේ දරුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.
හැබැයි ඔබ අතර ම විදේශිකයෙක් එහෙම භාවනා කරනවා නම් අපේ අය ඒ ගැන ඉතා ඉහළින් කතා කරනවා. අපේ අයට ම තමයි, මෙතැනදීත් ගැරැහුම. මෙතැන දී එක දෙයක් අපට වැටහෙනවා. එනම් මේ අය භාවනාව වර්ණනා කරන්නේත්, ඒ වාගේ ම ඊට ගරහන්නේත් අවබෝධයෙන් නොවේ ය කියන කාරණාව යි.
ඇත්තට ම භාවනාවට යොමුවීමෙන් පුද්ගලයකුට විශාල සුවපත් භාවයක් ඇතිවෙනවා. සුවදායී මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙය නිවැරැදිව උදා කර ගැනීමට නම් පොදුවේ ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතුයි.
භාවනාවක් පිළිබඳ උපදෙස් අප රහසේ තබාගතහොත්, ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් එතැන අනතුරක් තිබෙනවා ම යි. දැන් රටපුරා තැන් තැන්වල පෞද්ගලිකව භාවනා උපදෙස් දෙනවා නේ, රහසිගතව. එහෙම දේ බුදු දහමේ නොමැති බව ඉතා පැහැදිලිව ඔබ වටහා ගත යුතුයි. අප භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය, විවෘත වීමෙන් ම යි බබළන්නේ. මේ බව උන්වහන්සේ පැහැදිලිව ම දේශනා කළා. වැසුණා ම එය බබළන්නේ නැත.
එසේ නම් කිසිවෙක් මෙය විවෘත නො කොට සඟවන්නේ නම්, එය කිසියම් සැකකටයුතු යමක්.
මෙය ඉතා බරපතල වන්නේ මේ උපදෙස් ගත් කෙනාට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම යි. ඇයි ද කියනවා නම් මේ කතාබහ ඇතිවන්නේ දෙදෙනෙකු අතර පෞද්ගලිකව මිස, විවෘත පරිසරයක දී නො වන නිසයි.
භාවනාව සම්බන්ධව අද සමාජයේ ප්‍රකටව පවතින විවිධ මති මතාන්තර ගැන වාද විවාද පවත්වමින් සිටින්නට බොහෝ අය කැමැතියි. එහෙත්, ධර්මය යනු පහුරකි. එය උපයෝගී කරගෙන අප එතෙර විය යුතුයි. එයින් බැහැරව තමන්ගේ පාණ්ඩිත්‍යය අන් අයට ප්‍රදර්ශනය සඳහා විවිධ දෘෂ්ටි ගොඩනගාගෙන ඒවා තලු මරමින් සිටීම, කිසිසේත් උචිත නැත. බුදුරජාණන් වහන්සේ තම ධර්මය පහුරකට උපමා කර ඇත්තේ, එතෙරවීමට යන කාරණාව පදනම් කරගෙන ම යි.
අනෙක් අතට රහස් කමටහන් දෙන උදවිය පවසන්නේ, මිනිසුන් අතර සිටින රාග, ශ්‍රද්ධා, දේවේශ, මෝහ ආදී චාරිතානුකූලව උපදෙස් දීමයි මෙතැනදී සිදුවන්නේ කියා.
ඉතින් මේක නම් ප්‍රශ්නෙ, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කොට තිබෙනවා, ද්වේශය තිබෙන කෙනා මෛත්‍රිය වැඩිය යුතුයි කියා. ඉතින් කිසිවකුට දැනෙනවා නම් තමාට ද්වේශය නිතර ඇතිවන බව, ඒ පුද්ගලයා මෛත්‍රී භාවනාව අත්හදා බැලිය යතුයි. මමත්වය වැඩිනම් අනිත්‍ය දකින්නට සිත මෙහෙයවිය යුතුයි.
ඉතින් මේ උපදෙස් කිසිවෙක් අද පිළිගන්නවා නම්, මේ ධර්මය අදත් සන්දිට්ඨික යි. (සන්දිට්ඨිකය යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ යුතුය යන්න යි)
මේ ධර්මය හැමදාමත් ස්වක්ඛාතයි. (මැනවින් දෙසන ලද) අකාලික යි (ඕනෑ ම කාලයක දී අවබෝධ කළ හැක)
බුද්ධ කාලීන ව හෝ වත්මනේ දී ආදී ලෙස ධර්මයේ ස්වභාවය වෙනස් නො වේ. අප ඉතා හොඳින් මේ කාරණා වටහා ගත යුතුයි. මෙයින් පසුව තමයි භාවනාව හුරුකළ යුතු. මේ අනුව බලන කල අප කළ යුතු බුද්ධ දේශනා ප්‍රකට කරවීම ම යි.
අනෙක භාවනාවක් දියුණු කරනවාය යන්නේ් අදහස තමන් ම තමන්ගේ් දුර්වලතා මෙන් ම කුසලතා ද හඳුනාගෙන, තමා තමාව ම පිළිසරණ කර ගැනීම යි. ධර්මය තුළ පිහිටා තමා ගේ දුර්වලතා මැඩ ගැනීමට උත්සාහ දැරීම තමයි, මෙතන දී සිදු වන්නේ. මෙය කිසිසේත් ම, අඳුරේ අතපත ගාමින් යන ගමනක් නො වේ. මේ සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශ සියල්ල ධර්මයේ ඇතුළත්.
දැන් අපේ භාවනා වැඩසටහන්වලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇදී ඒමට එක ම හේතුව, ධර්මය ප්‍රකට වීම යි. එසේ නැතිව, ධර්මය යනු මහමෙවුනා අසපු සංචිතයන්හි පෞද්ගලික උරුමයක් නො වේ. එය විවෘත යමක්, එය අප ජනතාවට විවෘත කර දුන්නා, එපමණයි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සාකච්ඡා කළේ -
තනුජා ධර්මපාල
(සදහම් සිත්මල් යාය- 2 කෘතියෙනි)

Feb 13, 2010
මෙත් සිතින් සෙත් පතමි
පින්වතුනි, පින්වත් දරුවෙනි,
අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.
ලොවට අකාලික සත්‍යය දන් දුන් බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු සත්‍යාවබෝධ කළ නිකෙලෙස් මුනිවරු තම සත්‍යාවබෝධයට උපකාරී වූ ඒ ධර්මය මැනැවින් සංරක්ෂණය කළා. එය කරන ලද්දේ එකල භාවිත වූ මාගධී හෙවත් පාළි භාෂාවෙනි. ඒ නිකෙලෙස් මුනිවරු ධර්මදූතයන් ලෙස ලෝකයට රැගෙන ගියේ සත්‍යාවබෝධයට උපකාරී වූ උතුම් බුද්ධ වචනයයි. ධර්මාශෝක නිරිඳුන්ගේ ධර්මදූත සේවාවෙහි ඵලයක් ලෙසින් එතුමාගේ පුත්රුවන වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මව්බිමට වැඩියේ ද ඒ නිර්මල බුද්ධ වචනය රැගෙන ය. උන්වහන්සේ විසින් එය ඒ අයුරින් ම එකල ජීවත් වූ අප මුතුන් මිත්තන්ට ඉගැන්නුවා. සත්‍යාවබෝධයට උපකාරී වන අලෞකික ජීවිතයක් පිණිස පැවිදි බව ද හඳුන්වා දුන්නා. ගිහි ජීවිතය ගෙවමින් බුදුරජුන්ගේ ශ්‍රාවකයන් බවට පත්ව ඒ ධර්මයට අනුව ජීවත්ව රැකවරණය සලසා ගත හැකි අයුරු පෙන්වා දුන්නා.
කාලයාගේ ඇවෑමෙන් ඇතිවන විවිධ ආර්ථික, සාමාජික, දේශපාලනික, අධ්‍යාපනික, ආගමික අර්බුද හේතුවෙන් ප්‍රායෝගිකව තිබිය යුතු එහි නිර්මල ස්වරූපය අතුරුදන්ව ගියා. නමුත් අපගේ වාසනාවකට මෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ඒ නිර්මල බුද්ධ වචනය ඒ අයුරින් ම සුරැකී තිබුණා.
බුදු සසුනෙහි ප්‍රායෝගිකත්වය මෙසේ අතුරුදන්ව ගියත් මිනිසුන්ගේ සත්‍යය සෙවීමේ ආශාව අතුරුදන් වන්නේ නෑ. ගත කරන ජීවිතයට වඩා විශේෂ යමක් ලබා ගැනීමේ ආශාවෙන් ඔවුන් පෙළෙනවා. බුද්ධ කාලයේ තරම් ම සත්‍යය සෙවීම පිණිස ඔවුන් උනන්දු නැති නමුත් සත්‍යාවබෝධයට ආශාව දක්වන නුවණැති මිනිසුන් අද පවා සිටිනවා. මා සත්‍යය සෙවීමේ ආශාවෙන් පෙළෙමින් ඒ ධර්මය හැදෑරීම පිණිස මහත් වෙහෙසක් ගත්තා. මිහිඳු මහරහතුන් අපට දායාද කළ සියලුම බුද්ධ වචනය කියවන්නට තරම් මා වාසනාවන්ත වුණා. ලොවෙහි ඇති අතිශයින් ම විස්මිත ප්‍රඥාව වනාහී බුද්ධ ධර්මය යි. බුදුරජාණන් වහන්සේ සතු අසාමාන්‍ය ප්‍රතිභා ශක්තිය, මහා කරුණාව, ලොවට නොඇලී සිටීම, අලෞකික ජීවිතය, පවිත්‍ර මනස සහ බුද්ධිමය අනන්‍යතාව ඒ දේශනා තුළින් හොඳින් දිස්වෙනවා.
මින් දස වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි.
මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!

~පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ~
Subscribe to:
Posts (Atom)